අයි.සී.සී වසරේ එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

Date:

2022 වසරේ අයි.සී.සී එක්දින කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(24) නිවේදනය කළා.

2022 වසරේ දී ජාත්‍යන්තර එක්දින පිටියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා මත පදනම්ව නම් කර ඇති ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම ලෝක කණ්ඩායමට කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.

පාකිස්තානයේ බාබර් අසාම් නායකත්වය දරන මෙම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ටොම් ලේතම් නම් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු, ඉන්දියානු, නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, පාකිස්තාන, සිම්බාබ්වේ හා බංග්ලාදේශ ක්‍රීඩකයෙකු බැගින් ද ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත්.

වසරේ අයි.සී.සී එක්දින කණ්ඩායම :

  1. Babar Azam (c) – Pakistan
  2. Travis Head – Australia
  3. Shai Hope – West Indies
  4. Shreyas Iyer – India
  5. Tom Latham (wk) – New Zealand
  6. Sikandar Raza – Zimbabwe
  7. Mehidy Hasan Miraz – Bangladesh
  8. Alzarri Joseph – West Indies
  9. Mohammed Siraj – India
  10. Trent Boult – New Zealand
  11. Adam Zampa – Australia

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...