ඉන්දියාවට අයි.සී.සීයෙන් දැවැන්ත දඩයක්

Date:

හයිදරාබාද් හී දී පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තරග ගාස්තුවෙන් 60% ක මුදලක් දඩ ලෙස නියම කිරීමටයි තරග තීරක ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් කටයුතු කර ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය නිමා වන විට පන්දුවාර 3 ක් පිටුපසින් සිට ඇති බව සදහන්.

ඉන්දීය නායක රෝහිට් ෂර්මා විසින් වරද පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කළ අතර, දෙවැනි එක්දින තරගය හෙට(21) පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...