MCC නීති පොතට නව සංශෝදනයක් ගෙන එයි

Date:

පන්දු යවන අන්තයේ රැදී සිටින පිතිකරු පන්දු යවන්නා විසින් පන්දුව යොමු කිරීමට පෙර සීමා ඉරෙන් ඉවත් වීමේ දී දුවද්දී දවා ගැනීමට (මැන්කාඩ්) අදාළ නීතිය සදහා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට මාරිලිබෝන් ක්‍රිකට් සමාජය පියවර ගෙන තිබෙනවා.

එම නීතියේ පවතින අපැහැදිලි බව ඉවත් කිරීම සදහායි මෙම පියවර ගැනීමට මාරිලිබෝන් ක්‍රිකට් සමාජය පියවර ගෙන ඇත්තේ.

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඇඩම් සම්පා විසින් සිදු කළ එවැනි දුවද්දී දවා ගැනීමේ උත්සාහයක් අසාර්ථක වීමේ සිද්ධිය පදනම් කර ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

සම්පා විසින් කඩුල්ල බිද දමන අවස්ථාවේ දී පන්දු යවන අන්තයේ රැදී සිටි පිතිකරු වූ ටොම් රොජර්ස් සීමාවෙන් ඉවත රැදී සිටි නමුත්, තෙවන විනිසුරු විසින් පිතිකරු දැවී නොගිය අයෙකු ලෙසයි නම් කළේ.

ඇඩම් සම්පා විසින් සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්පූර්ණ කිරීමෙන් පසුව (පන්දුව නොයවා) කඩුල්ල බිද දැමීම ඊට හේතු වී තිබුණා.

අදාළ සිදු වීමෙන් පසුව මාරිලිබෝන් ක්‍රිකට් සමාජය ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර, ඔවුන් අදාළ අවස්ථාවේ දී විනිසුරුවන් ගත් තීරණය නිවැරැදි බව සදහන් කළා.

මෙවැනි අවස්ථාවක පිතිකරු දුවද්දී දවා ගැනීමටනම් (මැන්කාඩ්) පන්දු යවන්නා විසින් පන්දුව යොමු කරන ඉරියව්වේ දී සිය අත ඉහළම ස්ථානයට යාමට පෙර කඩුල්ල බිද දැමීම සිදු කළ යුතු වනවා.

මෙම නීතිය වඩාත් පැහැදිලි කරමින් සංශෝධිත වගන්තියක් මාරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් මේ වන විට මෙලෙස ක්‍රිකට් නීති පොතට ඇතුළත් කර තිබෙනවා.

“38.3.1.2 : Even if the non-striker had left his/her ground before the instant at which the bowler would normally have been expected to release the ball, once the bowler has reached that point it is no longer possible for the bowler to run out the non-striker under this Law.”

නව වගන්තිය ජනවාරි 19 වැනිදා සිට බලාත්මක කිරීමට ද කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...