NSL පළමු දිනයේ දී කොළඹ ලකුණු 214කටත්, දඹුල්ල ලකුණු 155කටත් දැවී යයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලිය අද(19) ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී ද, දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වෙනවා.

මහනුවර කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, කොළඹ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 214 ක්. ප්‍රභාත් ජයසූරිය ලකුණු 51 ක් හා නිසල තාරක ලකුණු 38 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 ක් හා නිම්සර අතරගල්ල කඩුලු 4 ක් බිද හෙලුවා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියා.

දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 155 ක්. නිමේෂ් ගුණසිංහ ලකුණු 31 ක් රැස් කළ අතර, ඩිලාන් ජයලත් ලකුණු 27 යි. පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 90 ක් රැස් කර ගෙන සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...