ගේබ්‍රියල් කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවයි

Date:

සිම්බාබ්වේ තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සංචිතය සදහා වේග පන්දු යවන ක්‍රීඩක ශැනොන් ගේබ්‍රියල් යළි කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ජෙයිඩ්න් සීල්ස් දණහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම කැදවීම සිදු කර තිබෙනවා.

ටෙස්ට් තරග 56ක් ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ෂැනොන් ග්‍රේබියල් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිවයි.

සංචිතය සදහා වමත් දග පන්දු යවන්නන් දෙදෙනෙකු වන Gudakesh Motie හා Jomel Warrican ද නම් කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඇන්ඩර්සන් පිලිප් ද ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් තේරීම් සදහා සලකා බලා නැහැ.

ශමාර් බෘෘක්ස් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සිම්බාබ්වේ සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 2ක් බුලවායෝ හී දී පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය පෙබරවාරි 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Squad:

Kraigg Brathwaite (captain), Jermaine Blackwood (vice-captain), Nkrumah Bonner, Tagnarine Chanderpaul, Roston Chase, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Gudakesh Motie, Raymon Reifer, Kemar Roach, Devon Thomas, Jomel Warrican

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...