Watch : BPL පිටියේ දී ශකිබ් යළිත් විනිසුරු සමග ගැටුමක

Date:

බංග්ලා‍දේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී Fortune Barishal කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් විනිසුරු තීරණයකට දැඩි අප්‍රසාදය පල කිරීමේ සිද්ධිය මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මීර්පූර්හී දී Sylhet Strikers කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු එලෙස විනිසුරු තීරණයකට දැඩි විරෝධය පල කරනු ලැබුවේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත්තා.

ඉනිමේ 16 වැනි පන්දුවාරය Rejaur Rahman Raja විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ බවටයි පිතිකරණයේ නිරතව සිටි ශකිබ් විසින් අනුමාන කළේ.

කෙසේ වෙතත්, විනිසුරු විසින් එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා නොකළ අතර, ඊට දැඩි විරෝධයක් පල කිරීමට ශකිබ් පසුබට වූයේ නැහැ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...