වියස්කාන්ත් බී පී එල් පිටියට

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

ඒ අනුව ඔහු Chattogram Challengers කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තරග 8කදී ඔහු කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ද විජයකාන්ත් වියස්කාන්ත්.

ඔහු විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලියක් සදහා ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වනු ඇති.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන ජනවාරි 5 වැනිදා සිට පෙබරවාරි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...