SA20 තරගාවලියට වෙන් වූ ත්‍යාග මුදල නිවේදනය කෙරේ

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලිය සදහා ත්‍යාග මුදල් ලෙස දකුණු අප්‍රිකානු රැන්ඩ් මිලියන 70 ක් වෙන් කර ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

අමෙරිකානු ඩොලර් මිලියන 4 ක පමණ අගයක් වන එම මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 146 ක පමණ වටිනාකමක් ගනු ලබනවා.

දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ඉතිහාසයේ තරගාවලියක් සදහා වෙන් වූ ඉහළම ත්‍යාග මුදල් ප්‍රමාණය එයයි.

ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලියේ සමාරම්භක තරගය MI Cape Town හා Paarl Royals කණ්ඩායම් අතර කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරග 33 කින් යුත් තරගාවලියේ අවසන් මහා තරගය ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලිය SuperSport නාලිකාවෙන් මෙන්ම ඉන්දියාවේ Viacom18 Sports නාලිකාවෙන් ද විකාශය කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...