තිරිමාන්න – උදාරගෙන් 305ක සබදතාවයක් – උදාර 1000 – දිල්රුවන් 800

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග තුනක් අද ආරම්භ වුණා.

එහිදී රාගම කණ්ඩායම සහ බී.ආර්.සී. කණ්ඩායම අතර තරගය ආරම්භ වුණේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීයි.

දිනය නිමා වන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි රාගම කණ්ඩායම කඩුලු‍ දෙකක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 309ක්.

ළහිරු තිරිමාන්න ලකුණු 140ක් සහ උදාර ජයසුන්දර නොදැවී ලකුණු 154ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ල සඳහා ගොඩනැගුණු සබඳතාවය ලකුණු 305ක්.

මේ අතර යුද හමුදා කණ්ඩායම සහ සැරසන්ස් කණ්ඩායම අතර තරගය අද ආරම්භ වූයේ කටුනායකදීයි.

පළමු දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි යුද හමුදා කණ්ඩායම කඩුලු‍ පහක් දැවී ලකුණු 344ක් ලබා සිටියා.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 136යි.

තරගාවලිය යටතේ පැවැත්වෙන අනෙක් තරගය සී.සී.සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර අද ආරම්භ වුණේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර, මෙවර තරග වරායේ දී ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත් වීමට එන් සී සී කණ්ඩායමේ ළහිරු උදාර අද සමත් වුණා.

මෙවර තරග වාරයට අදාළව ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 86.58ක් ලෙසයි.

මේ අතර, කෝල්ට්ස් කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා පළමු පෙල තරගවලදී දවා ගත් කඩුලු සංඛ්‍යාව 800 සීමාව අද ඉක්මවා ගියා.

එම කඩඉම පසු කළ පස්වන ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු ඉතිහාස ගත වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...