ස්ටාර්ස් හමුවේ දඹුල්ලට අන්ත පරාජයක් ; ජැෆ්නා කිංග්ස් පිලත් අවසන් වටයට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පිට පිට ලැබූ 5 වැනි පරාජය ද අත්විදීමට දඹුල්ල ඕරා කණ්ඩායමට අද(14) සිදු වුණා.

ඒ, තරගාවලියේ 14 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම හමුවේ කඩුලු 9ක දරුණු පරාජයක් ලැබීමත් සමගයි.

දඹුල්ල කණ්ඩායම ලැබූ මෙම පරාජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මේ වන විට තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ද අද පස්වරුවේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 10 ක ජයක් ලබමින් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

අද රාත්‍රියේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබා දුන්නා.

කෙසේ වෙතත්, දඹුල්ල ක්‍රීඩකයින් මෙම තරගයේ දී ද දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් පන්දුවාර 13.5 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 89 ක් පමණයි.

දඹුලු ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට ඔවුන් කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්.

මෙම ඉනිමේ දී කසුන් රාජිත කඩුලු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 22 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ප්‍රමෝද් මදුෂාන් නොදැවී ලකුණු 23 ක් හා දසුන් ශානක ලකුණු 20 ක් රැස් කළා. ජෝර්ඩන් කොක්ස් ලකුණු 16යි.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉනිමේ පළමු පන්දුවෙන්ම නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ප්‍රමෝද් මදුෂාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

කෙසේ වෙතත්, අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් පිටියේ එක් වූ චරිත් අසලංක පන්දුවාර 11.3 ක් තුළ සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. (90/1)

අසලංක පන්දු 36 කින් නොදැවී ලකුණු 58ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. චන්දිමාල් නොදැවී ලකුණු 31 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...