Watch : කසුන් රාජිත බිද හෙලූ කඩුලු පහ මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නෙකු වාර්තා කළ තෙවැනි හොදම පන්දු යැවීම වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත අද(14) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලිය යටතේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ ආරම්භ වූ 14 වැනි තරගයේ දී දඹුල්ල ඕරා කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබා දුන්නා.

ඔවුන්ගේ ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව අවසන් වන විට දඹුල්ල පිල කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්.

මෙම ඉනිමේ දී කසුන් රාජිත කඩුලු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 22 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලසිත් කෘෘස්පුල්ලේ, ෂෙවෝන් ඩැනියල්, ජෝර්ඩන් කොක්ස්, ටොම් ඇබෙල් හා Paul van Meekeren යන ක්‍රීඩකයින්.

ලසිත් කෘෘස්පුල්ලේගේ කඩුල්ල තරගයේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට කසුන් රාජිත සමත් වීම ද කැපී පෙනුණා.

කඩුලු පහේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...