ඇලන්ගේ ප්‍රහාරය හා බ්‍රැත්වෙයිට්ගේ විශිෂ්ඨ පන්දු යැවීම ෆැල්කන්ස් අවසන් වටයට ගෙන යයි

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, තරගාවලියේ 13 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මේ වන විට තරග 6 ක් ක්‍රීඩා කර ඇති ෆැල්කන්ස් කණ්ඩායම ඉන් තරග 5ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවනවා. කිංග්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 6 කින් තරග 4ක් ජය ගනිමින්.

අද පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 161 ක ඉලක්කයක් කිංග්ස් පිලට හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

සධීර සමරවික්‍රම ලකුණු 48(41) ක් ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 33(20) ක් ද, ජේම්ස් ෆුලර් ලකුණු 16 ක් ද රැස් කළා.

යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 18 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා. වනිදු හසරංග ලකුණු 21 කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 160 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 79 දී බිද වැටුණු අතර, අනතුරුව පන්දු 23 කින් ලකුණු 47 වාර්තා කරමින් කැන්ඩි ෆැල්කන්ස් පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ෆේබියන් ඇලන් සමත් වුණා. හයේ පහර 4 කින් හා හතරේ පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 35 ක් හා අශේන් බණ්ඩාර ලකුණු 24 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 4 තුළ ලකුණු 7 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක, Waqar Salamkheil හා ජේම්ස් ෆුලර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...