Watch : කමිදුගේ කඩුල්ල දවා ගැනීමට සධීර රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ වන විට කඩුලු රකින්නන්ගේ අතින් අති විශිෂ්ඨ උඩ පන්දු කිහිපයක්ම රැක ගන්නා අයුරු අපට දැකගන්නට ලැබුණා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ අසාම් ඛාන් මෙන්ම කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල විසින් එලෙස විශිෂ්ඨ උඩ පන්දු රැක ගනු ලැබුවා.

එවැනි සුවිශේෂී උඩ පන්දුවක් අද දිනයේ දී ද රැක ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සමත් වුණා.

තරගාවලියේ 13 වැනි තරගය අද(14) පස්වරුවේ දී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් රැස් කළා.

එම ඉනිමේ දී කමිදු මෙන්ඩිස් ලකුණු 11 කට දවා ගැනීම සදහායි සධීර සමරවික්‍රම මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...