කොදෙව්වන් 77ට දැවී යයි ; දැවැන්ත ජයක් සමගින් ඔස්ට්‍රේලියාව තරගාවලිය දිනයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 419 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 2 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(11) සමත් වුණා.

ඇඩිලේඩ්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම සදහා ලකුණු 497 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 77 ක් පමණයි.

ටගෙනරීන් චන්දර්පෝල් ලකුණු 17 ක් ද, ජොෂුවා ද සිල්වා ලකුණු 15 ක් ද, රොස්ටන් චේස් ලකුණු 13 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, මයිකල් නෙසර් හා ස්කොට් බෝලන්ඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 511 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවූ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 214 ක්.

අනතුරුව ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 175 ක් හා දෙවැනි ඉනිමේ දී නොදැවී ලකුණු 38 ක් වාර්තා කළ ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

ටෙස්ට් තරගාවලියේ දී ද්විත්ව ශතකයක් හා ශතක දෙකක් වාර්තා කළ මර්නස් ලබුෂේන් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...