මහේලගේ තනතුර ෆ්ලෙමින්ග්ට

Date:

එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියට තරග කරන ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්ග් පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ, මෙතෙක් එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන සිය ධූරයෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණය හේතුවෙන්.

ෆ්ලෙමින්ග් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි 4 ක ශුරතාවය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය අයි.පී.එල් තරග වාරය දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළ මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත (එම් අයි සමූහයේ) සියලු කණ්ඩායම්වල කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස කටයුතු කරනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් එලෙස උසස් වීමක් ලබා දීමත් සමග පවතින කාර්යය බහුල තත්ත්වය හා දැඩි වගකීම් හේතුවෙනුයි මහේල ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියේ පළමු අදියරේ දී ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලියේ ශූරතාවය ජය ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...