ඉෂාන් කිෂන් බිද දැමූ ලෝක වාර්තා මෙන්න

Date:

බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වාර්තා රැසක හිමිකරු බවට පත් වීමට ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන් අද(10) සමත් වුණා.

මෙම තරගයේ දී ඔහු ලකුණු 210 ක් රැස් කළේ පන්දු 131 ක් පමණක් වැය කරමින්. හයේ පහර 10 ක් හා හතරේ පහර 24 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉෂාන් කිෂන් අද දිනයේ දී සිය මංගල ශතකය වාර්තා කිරීමෙන් පසුවයි ඔහු එය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කිරීමට සමත් වුණේ.

සිය මංගල එක්දින ශතකය වාර්තා කළ ඉනිමේ දී ම එම ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කිරීමට මීට පෙර කිසිදු පිතිකරුවෙකු සමත්ව තිබුණේ නැහැ.

ඉෂාන් කිෂන්ගේ ද්විත්ව ශතකය එක්දින ඉතිහාසයේ දී වාර්තා වූ 9 වැනි ද්විත්ව ශතකයයි.

කිෂන් සිය ද්විත්ව ශතකය වාර්තා කළේ පන්දු 126 ක් පමණක් වැය කරමින්. එය එක්දින ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ද්විත්ව ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුණ්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්. ඔහු පන්දු 138 කින් සිය ද්විත්ව ශතකය 2015 වසරේ දී වාර්තා කර තිබුණා.

එක්දින තරගයක දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලාබාලතම පිතිකරුවා ලෙස ද ඉෂාන් කිෂන් අද වාර්තා අතරට එක් වුණා. අද දිනට ඔහුගේ වයස සටහන්ව ඇත්තේ අවුරුදු 24 යි දින 145 ක් ලෙසයි.

බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද කිෂන් අද වාර්තා කළ ලකුණු 210 යි.

ඉෂාන් කිෂන් හා විරාට් කෝලි දෙවැනි කඩුල්ල සදහා ලකුණු 290 ක දැවැන්ත සම්බන්ධතාවයක් මෙම තරගයේ දී පිහිටුවීමට සමත් වුණා. එය එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සදහා බංග්ලාදේශයට එරෙහිව වාර්තා වූ ඉහළම ලකුණු සබදතාවයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...