කොදෙව්වන් ලකුණු 409 ක් පිටුපසින්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය ඇඩිලේඩ් හී දී අද (9) නිමා වුණේ තරගයේ පාලනය සත්කාරක කණ්ඩායමට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 102 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානුවන් කඩුලු 7ක් දැවී ලකුණු 511 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ගත් තීරණයට ප්‍රතිචාර ලෙසයි.

ඒ අනුව කොදෙව් කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 409 ක්.

කොදෙව් ඉනිම වෙනුවෙන් ටගෙනරීන් චන්දර්පෝල් නොදැවී ලකුණු 47 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කෙයිග් බ්‍රැත්වෙයිට් හා ඩෙවෝන් තෝමස් ලකුණු 19 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී මයිකල් නෙසර් කඩුලු 2 ක් දවා ගත්තා. නේදන් ලයන් හා කැමරන් ග්‍රීන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් ලකුණු 175 ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 163 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා ඩෙවෝන් තෝමස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...