චාමික කරුණාරත්න මහනුවර අදියරට සූදානම්

Date:

පන්දු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ හෙටින් (10) ඇරඹෙන මහනුවර අදියර සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින බව ෆැල්කන්ස් කණ්ඩායමේ කළමණාකරු පවසනවා.

ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි කළමණාකරු සදහන් කළේ.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පසුගියදා පැවැති තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී පන්දුව මුහුණේ වැදීමෙන් චාමික අදාළ අනතුරට මුහුණ දුන්නා.

එහිදී දත් 4 ක් පමණ කැඩී යාමකට ලක්ව තිබූ අතර, කඩිනමින් රෝහල් ගත කෙරුණු ඔහුට ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

ෆැල්කන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය හෙට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...