ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසන් එක්දින තරගය අහිමි වෙයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙකුට අහිමි වී තිබෙනවා.

ඒ, එම ක්‍රීඩකයින් මේ වන විට ගොදුරු වී සිටින ආබාධ තත්ත්වයන් හේතුවෙන්.

ඒ අනුව දෙවැනි එක්දින තරගයේ දී පන්දු රකිමින් සිටියදී ඇගිල්ලක ආබාධයකට ලක් වූ නායක රෝහිට් ෂර්මාට ද තෙවැනි තරගය අහිමි වී තිබෙනවා.

ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීම සදහා මුම්බායි වෙත පිටත්ව යන බවයි ඉන්දීය පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සදහන් කළේ..

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ඔහුගේ සහභාගීත්වය පිළිබද අවසන් තීරණය ඉන් පසුව ගැනීමට නියමිතයි.

ආබාධයක් හේතුවෙන් දෙවැනි එක්දින තරගයේ දී පන්දුවාර 3 ක් පමණක් යොමු කළ දීපක් චහාර්ට ද තෙවැනි එක්දින තරගය අහිමි වී තිබෙනවා.

එමෙන්ම ආබාධයක් නිසා දෙවැනි එක්දින තරගය ක්‍රීඩා නොකළ කුල්දීප් සෙන්ට ද තෙවැනි එක්දින තරගය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස බංග්ලාදේශය ජය ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...