ෆ්ලෙචර්ගේ ශතකය හා හසරංගගේ කඩුලු ත්‍රිත්වය ෆැල්කන්ස් පිලට ජය ගෙනෙයි

Date:

ඇන්ඩ්‍රි ෆ්ලෙචර් රැස් කළ සුපිරි නොදැවුණු ශතකයත්, වනිදු හසරංගගේ කඩුලු ත්‍රිත්වයත් හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා ලකුණු 109 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුල්ලක් දැවී ලකුණු 199 ක් රැස් කළා.

එල් පී එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි ශතකය වාර්තා කළ ඇන්ඩ්‍රි ෆ්ලෙචර් නොදැවී ලබා ගත් ලකුණු 102 ට වැය වූයේ පන්දු 67 ක් පමණයි. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

SLC

ඔහුට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංක ලකුණු 71 ක් පන්දු 41 කින් වාර්තා කළා. හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කාර්ලස් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 20යි.

පන්දු යැවීමේ දී සීක්කුගේ ප්‍රසන්න ලකුණු 23 කට කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් කණ්ඩායමට පළමු පන්දුවාරයේ සිටම ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ෆැල්කන්ස් පන්දු යවන්නන් සමත් වුණා.

මුල්පෙල පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව පසු කළේ ඉනිම ආරම්භ කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පමණයි. ඔහු ලකුණු 26 කට දැවී ගියා.

කලම්බු ස්ටාර්ස් ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී වනිදු හසරංග විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ පිළිවෙලින් දිනේෂ් චන්දිමාල්, Benny Howell හා සීක්කුගේ ප්‍රසන්න දවා ගනිමින්.

කීමෝ පෝල් ලකුණු 22යි. ඩොමිනික් ඩ්‍රැක්ස් ලකුණු 18 ක් රැස් කළා. පන්දු යැවීමේ දී හසරංග ලකුණු 14 කට කඩුලු 4 ක් දවා ගත්තා. ෆේබියන් ඇලන් පන්දු 3 ක් යොමු කරමින් එක් ලකුණකට කඩුලු 2 ක් බිද හෙලීමට සමත් වුණා.

https://twitter.com/cricday96/status/1600180741073403904

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...