කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වනිදු හසරංග LPL ඉතිහාසයට එක් වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය දවා ගත් පන්දු යවන්නා බවට පත් වීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිදු හසරංග අද(6) සමත් වුණා.

මෙවර තරගාවලියේ දෙවැනි තරගයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් බිද හෙලමිනුයි ඔහු මෙලෙස ඉතිසාහගත වුණේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුල්ලක් දැවී ලකුණු 199 ක් රැස් කළා. ඒ, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් නොදැවී ලබා ගත් ලකුණු 102 න් ශක්තිමත් වෙමින්.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉනිමේ 7 වැනි පන්දුවාරයේ දී යි වනිදු හසරංග විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ.

ඔහුගේ පන්දු හමුවේ පිළිවෙලින් දැවී ගියේ දිනේෂ් චන්දිමාල්, Benny Howell හා සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...