LPL ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් මෙවර තරගාවලියටත් ජයග්‍රාහී ආරම්භයක්

Date:

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ද්විත්වයේම ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරගාවලිය සදහා ද ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට අද(6) සමත් වුණා.

ඒ, එල්.පී.එල් තෙවැනි අදියර ආරම්භ කරමින් අද පැවැති සමාරම්භක තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 24 කින් පරාජයට පත් කරමින්.

තරගය ජය ගැනීම සදහා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 138 ක ඉලක්කයක් පමණක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 113 ක් පමණයි.

ඉනිමේ ආරම්භක කඩුල්ලට කුසල් මෙන්ඩිස් හා නුවනිදු ප්‍රනාන්දු ලකුණු 58 ක සාර්ථක සබදතාවයක් ගොඩ නැගූ පසුබිමකයි ගාලු කණ්ඩායම මෙම තරගයෙන් පරාජයට පත් වූයේ.

නුවනිදු ලකුණු 15(21) කට දැවී ගිය අතර, නායක මෙන්ඩිස් ලකුණු 51 ක් රැස් කළා. පන්දු 43 කින් වාර්තා වූ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්.

අනතුරුව මැද පෙල පිතිකරුවන් අතරින් ඉමාඩ් වසීම් ලකුණු 17 ක් රැස් කළ නමුත්, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර යාමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 20 කට කඩුලු 2ක් බිද හෙලුවා. බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට දවා ගත් කඩුලු ගණන 3ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 137 ක් රැස් කළේ පන්දුවාර 19.5 ක් තුළයි.

ආරම්භක පිතිකරුවන් වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 9 කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් එක් ලකුණකටත් දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 29 යි. ෂොයිබ් මලික් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 30 බැගින් ලබා ගත්තා. නායක තිසර පෙරේරා ලකුණු 16 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වහබ් රියාස්, ඉමාඩ් වසීම්, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප් හා ඉෆ්ටිකාර් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...