අවසන් තරගයේ බලාපොරොත්තු පාකිස්තානයෙන් ගිලිහෙන ලකුණු ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තානයට ඇති අවස්ථාව මේ වන විට බොහෝ දුරට සීමා වී තිබෙනවා.

ඒ, එංගලන්තය සමග රාවල්පින්ඩි හී දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ලකුණු 74 ක පරාජයක් ලැබීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 343 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට සිය දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 268 ක් පමණයි.

තරගය ආරම්භ වීමට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානයට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා මනා අවස්ථාවක් නිර්මාණය වී තිබුණේ ඔවුන්ට සිය රටේ දී ටෙස්ට් තරගාවලි ද්විත්වයක් එංගලන්තයට හා නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ බැවින්.

කෙසේ වෙතත්, පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයත් සමග මේ වන විට එම අවස්ථාව බොහෝ දුරට සීමා වී ඇති බවක් දක්නට ලැබෙනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...