පාකිස්තානය ජයග්‍රහනයට ලකුණු 263 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(4) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම විවෘත කරමින්.

ලකුණු 343 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින පාකිස්තාන කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 80 ක්.

ඉමාම් උල් හක් නොදැවී ලකුණු 43 ක් හා සවුද් ශකීල් නොදැවී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 657 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 579 ක් ලබා ගත්තා.

එංගලන්තය සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටියදීයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා පාකිස්තානය තවත් ලකුණු 263 ක් ලබා ගත යුතුයි.

එංගලන්ත දෙවැනි ඉනිමේ දී ජෝ රූට් වමත් පිතිකරුවෙකු ලෙස පන්දුවට පහර දුන් අවස්ථාවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...