පාකිස්තානයට ආ එංගලන්තයේ 14 දෙනෙකු ලෙඩ වෙයි ; පළමු ටෙස්ට් තරගයත් අවධානමේ

Date:

පාකිස්තානයේ තරග සංචාරයක නිරත එංගලන්ත සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 14 දෙනෙකු අසනීප තත්ත්වයකට ගොදුරු වී තිබෙනවා.

එම ක්‍රීඩකයින්ට වෛරස් උණ රෝගයක් ආසාදනය වී ඇති බවත්, වමනය හා පාචනය යන රෝග ලක්ෂණවලින් ද ඔවුන් පෙලෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ක්‍රීඩකයින්ට හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ඔවුන් රැදී සිටින හෝටලයේ සිට විවේක ගැනීමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

පාකිස්තානය හා එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(1) රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගය වසර 17 කට පසුව එංගලන්ත කණ්ඩායම පාකිස්තානයේ දී ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගයයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හේතුවෙන් පළමු ටෙස්ට් තරගය නියමිත පරිදි හෙට දිනයේ දී ආරම්භ කිරීම අර්බුදයකට ලක්ව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා සිදු වෙමින් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...