Watch : චාමිකගේ සුපිරි පන්දු යැවීම හා සුපිරි උඩ පන්දු රැක ගැනීම

Date:

මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති තරගයකදී පන්දු යැවීමෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට Morrisville Samp Army කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සමත් වුණා.

අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Team Abu Dhabi කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් Abu Dhabi කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 3 ක් දැවී ලකුණු 100 ක් ලබා ගනිමින්.

ජේම්ස් වින්ස් නොදැවී ලකුණු 44 (25) ක් හා ක්‍රිස් ලින් ලකුණු 35(23) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 13 කට කඩුලු 2 ක් බිද හෙලුවේ ඔහු විසින්ම යොමු කළ පන්දුවක් හමුවේ ලද උඩ පන්දුවක් ද විශිෂ්ඨ ලෙස රැක ගනිමින්. (දර්ශන පහතින්)

චාමිකගේ පන්දු හමුවේ දැවී ගියේ ක්‍රිස් ලින් හා බ්‍රෙන්ඩන් කිං.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Morrisville Samp Army කණ්ඩායමට පන්දුවාර 10 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 82 ක් පමණයි.

චාමික කරුණාරත්න ලකුණු දෙකකට දැවී ගියා. බැසිල් හමීඩ් නොදැවී ලකුණු 47 ක් රැස් කළේ පන්දු 18 කින්.

පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...