Watch : රුටුරාජ් ගයික්වඩ් එක් පන්දුවාරයකදී හයේ පහර 7 ක් එල්ල කළ හැටි

Date:

Maharashtra නායක හා ආරම්භක පිතිකරු රුටුරාජ් ගයික්වඩ් විසින් List A එක්දින ක්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කරනු ලැබුවා.

ඒ, එක් පන්දුවාරයකදී පිට පිට හයේ පහර 7 ක් එල්ල කිරීමට සමත් වූ ඉතිහාසයේ පළමු පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වෙමින්.

ඉන්දියාවේ පැවැත්වෙන Vijay Hazare කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී Uttar Pradesh කණ්ඩායමට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

තරගය අහ්මදාබාද් හී දී ඊයේ(28) පැවැති අතර, පළමුවෙන් පන්දුවට පහරදුන් Maharashtra කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 330 ක් රැස් කළා.

එහිදී ගයික්වඩ් පන්දු 159 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 220 ක්. ඒ, හයේ පහර 16 ක් හා හතරේ පහර 10 ක් සමගින්.

ඔහු Shiva Singh විසින් යොමු කළ Maharashtra ඉනිමේ 49 වැනි පන්දුවාරයේ දී හයේ පහර 7 ක් එල්ල කරමින් ලකුණු 43 ක් වාර්තා කළේ පන්දු යවන්නා විසින් එම පන්දුවාරයේ දී යොමු කළ නිපන්දුවක ද සහාය ඇතිවයි. (දර්ශන පහතින්)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Uttar Pradesh කණ්ඩායමට පන්දුවාර 47.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 272 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...