ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට ශකිබ් කැදවයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ටමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

ශකිබ් අල් හසාන් යළි එක්දින සංචිතයට නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ. බංග්ලාදේශ කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ එක්දින තරගාවලිය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අගෝස්තු මාසයේ දී පැවැති අතර, එම සංචාරය සදහා ශකිබ් පෞද්ගලික හේතුවක් මත එක් වූයේ නැහැ.

පිතිකරු යසීර් අලී ද යළි එක්දින සංචිතයට නම් කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන් සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

මොසඩැක් හොසේන්, ශොරිෆුල් ඉස්ලාම් හා ටයිජුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

බංග්ලාදේශය හා ඉන්දියාව අතර පළමු එක්දින තරගය දෙසැම්බර් 4 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Bangladesh squad:

Tamim Iqbal (c), Litton Das, Anamul Haque, Shakib Al Hasan, Mushfiqur Rahim, Afif Hossain, Yasir Ali, Mehidy Hasan, Mustafizur Rahman, Taskin Ahmed, Hasan Mahmud, Ebadot Hossain, Nasum Ahmed, Mahmudullah, Najmul Hossain Shanto and Nurul Hasan Sohan.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...