Watch : මතීෂගෙන් යළිත් සුපිරි පන්දු යැවීමක් ; අද දවා ගත් කඩුල්ල මෙන්න

Date:

මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (24) පැවැති තරගයකදී ද පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට Bangla Tigers කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වුණා.

ඒ, Morrisville Samp Army කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Morrisville Samp Army කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 100 ක් ලබා ගත්තා.

ශිම්රන් හෙට්මයර් ලකුණු 38(21) ක් රැස් කළ අතර, කරීම් ජනට් නොදැවී ලකුණු 22(14) යි. පන්දු යැවීමේ දී Benny Howell කඩුලු 2 ක් දවා ගත්තා.

මතීෂ පතිරණ එක් කඩුල්ලක් බිද හෙලුවේ සිය පන්දුවාර 2 තුළ දී ලකුණු 10 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්. ඔහුගේ පන්දුවක් හමුවේ එක් ලකුණකට දැවී ගියේ ඩ්වේයන් ප්‍රෙටෝරියස්. (දර්ශන පහතින්)

මතීෂට සිය අවසන් පන්දුවේ දී ද කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාවක් උදා වූ නමුත්, එය ගිලිහී ගියේ ලද උඩ පන්දුවක් රැක ගැනීමට පන්දු රකින්නෙකුට නොහැකි වීම හේතුවෙන්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Bangla Tigers කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

හස්රටුල්ලාහ් සසායි පන්දු 26 කින් ලකුණු 35 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් දැවී ගිය කඩුලු තුනම බිද හෙලුවේ ලකුණු 11 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

ඒ අනුව මෙම තරගයෙන් Morrisville Samp Army කණ්ඩායම ලකුණු 15 ක ජයක් හිමි කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...