ICC Hall of Fame : තවත් තිදෙනෙකු ශ්‍රේෂ්ඨයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරේ

Date:

ICC Hall of Fame හෙවත් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කරනු ලබන ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට අද තවත් තිදෙනෙකු ඇතුළත් කෙරුණා.

ඒ අනුව දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජැක් කලිස්, ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩිකාවක වන ලීසා ස්තලීකාර් (Lisa Sthalekar) සහ පාකිස්තාන හිටපු ක්‍රීඩක සහීර් අබ්බාස් යන අය මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය කටයුතු කර ඇත්තේ.

ඇලන් විල්කින්ස්, සුනිල් ගවස්කාර්, ශෝන් පොලොක් සහ මෙල් ජෝන්ස් විසින් ඔවුන්ගේ නම් අද ප්‍රකාශයට පත් කළා.

මෙම නම් කිරීමත් සමග මේ වන විට ICC Hall of Fame වෙත ඇතුළත් කර ඇති ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 93 දක්වා ඉහළ යනු ඇති.

ඊට ශ්‍රී ලංකාවෙන් ඇතුළත්ව ඇත්තේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණයි.

ICC Hall of Fame සදහා ක්‍රීඩකයින් නම් කිරීම 2009 වසරේ ජනවාරි දෙවනදා ආරම්භ වුණා.

ඒ, අයි.සී.සීයේ ශතක සංවත්සරයට සමගාමීවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය හා එක්වෙමින් එය ආරම්භ කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...