Watch : T10 ලීගයේ පළමු තරගයේ දී මතිෂ බිද හෙලූ කඩුලු 2

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(23) පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට Bangla Tigers කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හි Sheikh Zayed ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ ලකුණු 19 කින් පරාජයට පත් වූයේ New York Strikers කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තා. එවන් ලුවිස් පන්දු 22 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 58ක්. පන්දු යැවීමේ දී වහබ් රියාස් හා රවී රාම්පෝල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ New York Strikers කණ්ඩායම පන්දුවාර 10 තුළ කඩුලු 8 ක් දැවී රැස් කළේ ලකුණු 112 ක් පමණයි. නායක කයිරන් පොලාඩ් පන්දු 19 කින් නොදැවී ලකුණු 45 ක් රැස් කළා.

මෙම තරගයේ දී Bangla Tigers කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ සිය පන්දුවාර 2 තුළ දී ලකුණු 22 කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ඔයින් මෝර්ගන් හා රොමාරියෝ ෂෙපර්ඩ්.

ඔහු බිද හෙලූ කඩුලු 2 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...