පාකිස්තාන තරගාවලියට අදාළ තරග පාවාදීමේ චෝදනා විමර්ශනයට ක්‍රිකට් ආයතනයෙන් පියවර

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල්ට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද(23) තීරණය කර තිබෙනවා.

ඒ, මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදු කළ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහායි.

පාකිස්තාන කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී අදාළ පාවාදීම් සිදුව තිබූ බවටයි චෝදනා එල්ල කර තිබුණේ.

අදාළ මන්ත්‍රීවරයා සිදු කළ චෝදනා අනුව ගත යුතු නිවැරැදි ක්‍රියාමාර්ගය මෙය බවට තම ආයතනය විශ්වාස කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අදාළ චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා එහි පාර්ශවකරුවන්ගේ කීර්තිනාමයට විශාල හානියක් සිදුව ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...