මාර්ටින් ගප්ටිල් නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් නිදහස් කෙරේ

Date:

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ගප්ටිල් කොන්ත්‍රාත් ගිවිසුමෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

36 හැවිරිදි ගප්ටිල් විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බලා නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙම පියවර ගෙන තිබෙනවා.

වෙනත් තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථා සලසා ගැනීමේ අරමුණිනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

මාර්ටින් ගප්ටිල් සමග සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔහුගේ ඉල්ලීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන ලෙස අනුමත කිරීමට තීරණය බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

20යි 20 ජාත්‍යන්තර පිටියේ දී නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් පිතිකරු වන ගප්ටිල් නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය සදහා ද නම් කර තිබුණා.

කෙසේ වෙතත්, ඔහුට එම තරගාවලියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඉන්දියාව සමග නිමා වූ 20යි 20 තරගාවලිය සදහා ද නම් කෙරුණේ නැහැ.

කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වුව ද, තමා තවදුරටත් නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බවයි මාර්ටින් ගප්ටිල් සදහන් කළේ.

මීට මාස කිහිපයකට පෙර වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමග පැවැති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වීමට පියවර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...