ලුක් රයිට් වෙත එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් වගකීම් සහගත ධූරයක්

Date:

එංගලන්ත නව ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරියා ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලුක් රයිට් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ලබන මාර්තු මාසයේ දී අදාළ ධූරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එනම්  Auckland කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පවතින සිය ගිවිසුම අවසන් වීමෙන් පසුව 37 හැවිරිදි ලුක් රයිට් එම ධූරය භාර ගනු ඇති.

ක්‍රිකට් තේරීම් කමිටු නිළධාරී ධූරය හිටපු එංගලන්ත ක්‍රිකට් කලමනාකරණ අධ්‍යක්ෂ Ashley Giles විසින් අහෝසි කර තිබූ අතර, එම ධූරය යළි ස්ථාපිත කිරීමටයි වත්මන් කලමනාකරණ අධ්‍යක්ෂ Rob Key පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම්, ලයන්ස් හා යොවුන් ලයන්ස් සංචිත හා කණ්ඩායම් තේරීමේ වගකීම ඉදිරියේ දී ලුක් රයිට් වෙත පැවරෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...