මෙන්ඩිස් ද්විත්ව ශතකය හයේ පහරකින් ලබා ගනිද්දී දික්වැල්ල කඩුල්ල පිටුපසින් කළ දේ මෙන්න

Date:

කුසල් මෙන්ඩිස් කියන්නේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ මුල් පෙල පිතිකරුවෙක්.

කෙසේ වෙතත්, අඛණ්ඩව දක්ෂතා අතර රැදී නොසිටීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළින් ඔහුට නිරතුරවම දැඩි පීඩනයක් එල්ල වූ බව නොරසහක්.

මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ දී ශතක කිහිපයක්ම මීට පෙර වාර්තා කළ බව ඔබට මතක ඇති.

ඒ අතරින් ඔස්ට්‍රේලියාවට එරෙහිව 2016 වසරේ දී වාර්තා කළ ලකුණු 176 සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට පළමු වරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට එය මග පාදා දීම හේතුවෙන්.

එම ඉනිම පමණක් නොව ටෙස්ට් පිටියේ ඔහු අවස්ථා දෙකකදී ද්විත්ව ශතකය පෙනෙන මානයටම පැමිණීමට සමත් වුණා. (194,196)

කෙසේ වෙතත්, අවසන් මොහොතේ මේ හිතුවක්කාර යොවුන් පිතිකරුවා අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් එම අවස්ථා දෙකේ දී ම දැවී ගිය අයුරු අපට තවමත් මතකයි.

ඔහුගේ ඒ පුරුද්දනම් තවමත් ඒ අයුරින්ම පවතින බව අප දුටුවේ ඊයේ (22) දිනයේ දී යි.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී කණ්ඩායම සහ එන්.සී.සී. කණ්ඩායම අතර ඊයේ නිමා වූ තරගයේ දී යි.

එහිදී නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ හේතුවෙන් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සී.සී.සී කණ්ඩායම සමත් වූ අතර, පිට පිට දෙවනි වරටත් ලීග් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ද ඒ ඔස්සේ සී.සී.සී කණ්ඩායම සමත් වුණා.

මෙම ඉනිමේ දී ද කුසල් මෙන්ඩිස් සිය ද්විත්ව ශතකය වාර්තා කිරීමට තැත් කළේ කිසිදු බියක් නොදක්වමින් වීම කැපී පෙණුනා.

පැරණි අමිහිරි මතකයන් අමතක කළ ඔහු ඉදිරියට පැන දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තම පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ මෙරට අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට ද සුබ ලකුණු පහළ කරමින්.

ද්විත්ව ශතකය වාර්තා කිරීමෙන් පසුව ජාතික කණ්ඩායමේ සිය මිතුරා වන එන්.සී.සී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ද කුසල් මෙන්ඩිස්ට පිටිය තුළ දී ම සුබ පැතුම් එක් කරනු දක්නට ලැබුණා.

කුසල් මෙන්ඩිස් මංගල ද්විත්ව ශතකය හයේ පහරකින් වාර්තා කල අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...