Watch : සුපිරි ශතකයෙන් පසු වෝනර් කළ දේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(22) මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.

ඔස්ට්‍රේලියානු ඉනිමට වර්ෂාවෙන් කිහිපවරක්ම බාධා එල්ල වූ බැවින් ඔස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 48 කට සීමා කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 48 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 355 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුල්ල සදහා ලකුණු 269 ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හෙඩ් සමත් වුණා.

එය එක්දින ජාත්‍යන්තර තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු 9 වැනි ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ හෙඩ් පන්දු 130 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින් ලකුණු 152 ක් රැස් කළා.

වෝනර් පන්දු 102කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 106 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් ඇතුළත්.

ඩේවිඩ් වෝනර් දැවී යාමෙන් පසුව යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කරන අතරතුර දී ඔහු විසින් සිය අත් ආවරණ ප්‍රේක්ෂකාගාරයේ රැදී සිටි කුඩා ළමයෙකුට ලබා දීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...