පළමු 20යි 20 වැස්සට සේදෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් අද(18) කටයුතු කළා.

තරගය වෙලින්ටන් හී දී පැවැත්වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු කිරීමට හැකි වූයේ නැහැ.

තරගාවලියේ දෙවැනි 20යි 20 තරගය එළඹෙන 20 වැනිදා Mount Maunganui හී දී පැවැත්වීමට නියමිත අතර, තෙවැනි හා අවසන් 20යි 20 තරගය එළඹෙන 22 වැනිදා Napier හී දී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...