නවතම ICC 20යි 20 ශ්‍රේණිගත කිරීම් මෙන්න

Date:

20යි 20 ලෝක ශූරයින් බවට පත් වූ එංගලන්ත කණ්ඩායම මේ වන විට නවතම අයි.සී.සී පන්දුවාර 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා තවදුරටත් සමීප වී තිබෙනවා.

මේ වන විට ඔවුන් ශ්‍රේණිගත ලකුණු 265 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, පෙරමුණේ පසුවන ඉන්දියාවට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 268 ක්.

ඒ අනුව 20යි 20 ලෝක කුසලානය ආරම්භ වීමට පෙර ඉන්දියාව(268) හා එංගලන්තය (263) අතර ශ්‍රේණිගත ලකුණු පහක පරතරයක් පැවැති නමුත්, මේ වන විට පවතින්නේ ලකුණු තුනක පරතරයක් පමණයි.

ශ්‍රේණිගත ලකුණු 258 ක් හිමි කර ගෙන සිටින පාකිස්තානය මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවනවා.

දකුණු අප්‍රිකාව සිව්වැනි ස්ථානයේත්, නවසීලන්තය පස්වැනි ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව 6 වැනි ස්ථානයේත්, බටහිර ඉන්දීය කොදෙව්වන් 7 වැනි ස්ථානයේත් රැදී සිටිනවා.

ශ්‍රේණිගත ලකුණු 235 කට හිමිකම් කියන ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ වනිදු හසරංග පෙරමුණ හිමි කර ගෙන සිටින 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ අඩිල් රෂීඩ් සමත්ව තිබෙනවා.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ එංගලන්තයේ සෑම් කරන් 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

පිතිකරුවන් අතර පෙරමුණ තවදුරටත් සූර්යකුමාර් යාදව්ට හිමිව ඇති අතර, එහි 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 22 කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් සමත්ව තිබීම විශේෂත්වයක්.

පාකිස්තානයේ බාබර් අසාම් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, දකුණු අප්‍රිකාවේ රයිලි රොසෝව් එහි 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින්නේ 10 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...