ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් චාමික ඉවත් කෙරෙන ලකුණු

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ඝනිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බව sunday times පුවත්පත වාර්තා කර තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ඔහු වෙනුවට සංචිතයට ආදේශ කරනු ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර හා දුනිත් වෙල්ලාලගේ ද සංචිතය සදහා නම් කර ඇති බව සදහන්.

හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් යළි එක්දින සංචිතයට කැදවනු ඇති බවට මෑත කාලයේ දී සමාජ මාධ්‍ය තුළ තොරතුරු පැතිර ගිය නමුත්, sunday times පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඔහු මෙම තරගාවලිය සදහා නම් කර නැහැ.

තරග සංචාරය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම නොවැම්බර් 22 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, පළමු එක්දින තරගය නොවැම්බර් 25 වැනිදා ද, දෙවැනි තරගය 27 වැනිදා ද, තෙවැනි තරගය 30 වැනිදා ද පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Probable squad :

Dasun Shanaka (C), Pathum Nissanka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dinesh Chandimal, Ashen Bandara, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Dananjaya Lakshan, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...