2027 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලබන අයුරු ICC නිවේදනය කරයි

Date:

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් සුදුසුකම් ලබා ගන්නා ආකාරය ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(13) තහවුරු කළා.

තරගාවලිය සදහා රටවල් 14 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් රටවල් 10 ක් සෘජුවම තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ යන රටවල්.

ඒ අනුව එම රටවල් ද්විත්වය තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා අවසන්.

අයි.සී.සී එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු රටවල් 8 ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන රටවල් 8 කුමන දිනයක් අවසන් වන විට තෝරා ගන්නේ දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

සෙසු රටවල් 4 තෝරා ගනු ලබන්නේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...