පීටර්සන්ට ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු පිතිකරු කීගන් පීටර්සන්ට එළඹෙන ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 20යි 20 අභියෝගතා තරගාවලියේ (CSA T20 Challenge) අවසන් තරගයේ දී යි පීටර්සන් මෙම ආබාධයට ලක්ව ඇත්තේ.

ඒ අනුව ඔහුගේ ආබාධය සුව වීම සදහා සති 6ත් 8ත් අතර කාලයක් ගත වනු ඇති.

පසුගිය වසරේ දී ද කීගන් පීටර්සන්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නවසීලන්ත තරග සංචාරය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

මේ අතර, 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ කේෂාව් මහරාජ්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද මෙතෙක් අවසන් නිගමනයකට එළඹ නැහැ.

මෙම සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...