“ඔවුන්ගේ හැසිරීම් රටාව, ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ” : මහේල

Date:

වෘත්තීමය ක්‍රීඩකයින් ලෙස ක්‍රිකට් ක්‍රීඩකයින් සිය හැසිරීම් සම්බන්ධයෙන් ඔවුන් ගන්නා තීරණවල වගකීම ඔවුන් භාර ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා පවසනවා.

20යි 20 ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළු සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් අද යළි මෙරටට පැමිණි අතර, එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල ඒ බව සදහන් කළා.

ඒ, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කරමින්.

“අපි පාසල් ක්‍රීඩකයින් එක්ක නෙවෙයි මේ තරගාවලියන්ට යන්නේ. වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් එක්ක. මම හිතන්නේ ඔවුන්ටයි ඒ වගකීම තියෙන්නේ ඔවුන්ගේ හැසිරීම් රටාව ඔවුන් ගන්නා තීරණවල වගකීම තියෙන්නේ ඔවුන් අතේ. කණ්ඩායමක් විදිහට අපේ රාමුවක් තියෙනවා අපි හැසිරිය යුතු. ඒ ගැන ලොකු අවබෝධයකින් තමයි අපි තරගාවලිය පුරාම හැසිරුණේ. ඉතිං අවාසනාවකට මේ සිද්ධිය අන්තිම දවස් දෙක තුනේ තමයි වෙලා තියෙන්නේ. ගොඩක් කනගාටු වෙනවා කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් වෙනුවෙනුත් මෙවැනි දෙයක් වීම ගැන.” යනුවෙන් මහේල ජයවර්ධන සදහන් කළා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...