පරාජයෙන් පසු මොහමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වීමට තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී තීරණය කර තිබෙනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (4) ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් ලකුණු 4ක තියුණු පරාජයක් ලැබීමෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානය තරග 3ක් පරාජයට පත් වූ අතර, අනෙක් තරග දෙක වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.

ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී කිසිදු තරගයක් ජය නොගත් එකම රට ලෙසයි ඇෆ්ඝනිස්තානයට ආපසු සිය රට බලා පිටත්ව යාමට සිදුව ඇත්තේ.

පසුගිය වසරක පමණ කාලයේ දී දැවැන්ත තරගාවලියක් වෙනුවෙන් කණ්ඩායමේ සූදානම්වීමේ මට්ටම සුදුසු මට්ටමක නොතිබූ බව 37 හැවිරිදි මොහමඩ් නබී සිය ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබෙනවා.

“එපමණක් නොව, පසුගිය සංචාර කිහිපයකදී කණ්ඩායම් කළමනාකාරිත්වය, තේරීම් කමිටුව සහ මම එකම මතයක නොසිටි අතර එය කණ්ඩායමේ සමබරතාවයට බලපෑම් ඇති කළා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් 2021 වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස මොහමඩ් නබී පත් කෙරුණා.

ඊට පෙර 2010 වසරේ දී ද නබී එරට කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබුණා.

නායකත්වයෙන් ඉල්ලා අස්වීමට අද තීරණය කළ ද තවදුරටත් තමා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් බවයි මොහමඩ් නබී සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...