වර්ෂාව නිසා දෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක වේලාවේ සංශෝදනයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක වේලාව අවශ්‍ය වුවහොත් සංශෝදනය කිරීම සදහා තීරණය කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය සමග ඒ සදහා එකගතාවයකට එළඹුණු බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව තෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් දෙවැනි දිනයේ සිට තරගය නියමිත කාලයට පෙර ආරම්භ කිරීමට කටයුතු කෙරෙණු ඇති.

මෙතෙක් සියලු ටෙස්ට් තරග සෑම දිනකම එරට වේලාවෙන් පෙරවරු 11ටයි ආරම්භ කෙරුණේ.

කෙසේ වෙතත්, හෙට ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගය සදහා වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් දෙවැනි දිනයේ සිට තරගය පෙරවරු 10.30ට ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය සදහා වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 134.3ක් පමණයි.

ඒ හේතුවෙනුයි ජගත් ක්‍රිකට් කවුන්සලය සහ එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළඹ ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(21) සවුත්හැම්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...