ඇෆ්ඝනිස්තානය පරදා ශ්‍රී ලංකාව බලාපොරොත්තු රදවා ගනියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් රදවා ගනිමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග අද (1) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ 32 වැනි තරගය වූ මෙම තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, තරගය ජය ගැනීම සදහා ලකුණු 145 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 12 කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 10 කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි. චරිත් අසලංක ලකුණු 19 කට දැවී ගිය අතර, ධනංජය ද සිල්වා පන්දු 42 කින් නොදැවී ලකුණු 66 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 6 ක් ඇතුළත්. භානුක රාජපක්ෂ ලකුණු 18යි.

පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 144 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 28 ක්, උස්මාන් ඝානි ලකුණු 27 ක් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 22 ක් ලබා ගත්තා.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වෙමින් වනිදු හසරංග ලකුණු 13 කට කඩුලු 3 ක් ද, ලහිරු කුමාර ලකුණු 30 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර 5 තුළ දී ලකුණු 40 ක් තුළ කඩුලු 5 ක් දැවී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

මෙම තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඇෆ්ඝනිස්තානයට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

https://twitter.com/cric12222/status/1587351039791239168

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...