Watch : ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට කුමාර යොමු කළ සුපිරි පන්දුව

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය අද (1) බ්‍රිස්බේන්හී දී ආරම්භ වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කළා. ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගැණුනේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 42 ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, 7 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම ලහිරු කුමාර විසින් රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි එම කඩුල්ල බිද වැටුණේ.

ගුර්බාස් පන්දු 24 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 28 ක්.

https://twitter.com/cric12222/status/1587305150699667457

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...