ටකර්ගේ සටන අපතේ යවමින් ඔස්ට්‍රේලියාවට ලකුණු 42 ක ජයක්

Date:

ලෝකන් ටකර් පන්දු 48 කින් නොදැවී ලබා ගත් ලකුණු 71 අපතේ යවමින් අයර්ලන්තය සමග පැවැති මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(31) සමත් වුණා.

බ්‍රිස්බේන්හි පැවැති තරගය ජය ගැනීම සදහා අයර්ලන්තයට ලකුණු 180 ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 18.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 25 ක් තුළ බිද වැටුණු පසුබිමකයි හුදෙකලා සටනක නිරත වෙමින් ලෝකන් ටකර් ලකුණු 71 ක් රැස් කළේ. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් ද සමගින්.

පන්දු යැවීමේ දී පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටක් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 179 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 63(44) ක් ද, මර්කස් ස්ටොයිනිස් ලකුණු 35(25) ක් ද රැස් කළා. මිචෙල් මාෂ් ලකුණු 28යි.

පන්දු යැවීමේ දී Barry McCarthy කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...