තියුණු සටනකින් පසු මිලර්-මාක්‍රම් ප්‍රහාරය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(30) සමත් වුණා. එම ජයත් සමග මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව තම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5 ක් දක්වා ඉහළ නංවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට ද සමත් වුණේ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇද දමමින්.

වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත පර්ත් ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 134 ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 24 ක් තුළ බිද වැටුණා. අනතුරුව ඒඩ්න් මාක්‍රම් හා ඩේවිඩ් මිලර් පන්දු 60 කින් ලකුණු 76 ක සබදතාවයක් ගොඩ නගමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රාහී මාවත විවර කළා.

මාක්‍රම් ලකුණු 36 ක් ලබා සිටියදී ලබා දුන් පහසු උඩ පන්දුවක් විරාට් කෝලි අතින් ගිලිහී යාම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. මාක්‍රම් පන්දු 41 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 52 ක්.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය ඩේවිඩ් මිලර් පන්දු 46 කින් නොදැවී ලකුණු 59 ක් ලබා ගත්තා. හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 133 ක් රැස් කළේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 49 ක් තුළ බිද වැටුණා. කෙසේ වෙතත්, ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් සූර්යකුමාර් යාදව් පන්දු 40 කින් ලකුණු 68 ක් වාර්තා කරමින් ඉන්දීය පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී ලකුණු 29 කට කඩුලු 4 ක් දවා ගත්තා. වේන් පාර්නෙල් ලකුණු 15 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

https://twitter.com/cric12222/status/1586735211244826624?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...