නෙදර්ලන්තය පරදා පාකිස්තානය මෙවර ලෝක කුසලානයේ පළමු ජය ලබයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, තරගාවලියේ 29 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරමින්.

පර්ත් හි පැවැති තරගය ජය ගැනීම සදහා කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තයෙන් හිමි වූ ලකුණු 92 ක පහසු ඉලක්කය පන්දුවාර 13.5 කදී කඩුලු 4 ක් දැවී පසු කර යාමට පාකිස්තානය සමත් වුණා.

ලද ඉලක්කය හඹා යාමේ දී මොහමඩ් රිස්වාන් ලකුණු 49(39) කට දැවී ගිය අතර, ෆකාර් සමාන් ලකුණු 20(16) ක් ලබා ගත්තා. ශාන් මසූඩ් ලකුණු 12යි. යළිත් අසාර්ථක වූ නායක බාබර් අසාම් ලකුණු 4 කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී Brandon Glover ලකුණු 22 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 කට ලකුණු 91 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණේ ශඩාබ් ඛාන්ගේ හා මොහමඩ් වසීම්ගේ සුපිරි පන්දු යැවීමෙන් ද ශක්තිමත් වෙමින්.

ශඩාබ් ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මොහමඩ් වසීම් ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...