Watch : බාබර් අසාම් ස්ලිප්හි සිට රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය මෙරට වේලාවෙන් අද(27) පස්වරුවේ පර්ත් හී දී ආරම්භ වුණා.

ඒ, පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 130 ක්.

ශෝන් විලියම්ස් ලකුණු 31 ක් රැස් කළ අතර,ක්‍රෙයිග් අර්වයින් හා බ්‍රැඩ් එවන්ස් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහමඩ් වසීම් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මේ අතර, සිම්බාබ්වේ ඉනිමේ දී රෙජිස් චකබ්වා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ශඩාබ් ඛාන් සමත් වුණා.

ස්ලිප්හි පන්දු රකිමින් සිටි බාබර් අසාම් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි චකබ්වාට ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමට සිදු වුණේ.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...